Srilanka Transport Board




CLICK ON THE IMAGE FOR FULL SIZE

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය

 ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ප්‍රවාහන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ප්‍රමුඛ ආයතනයකි. 1958 වසරේ ආරම්භ වූ මෙම ආයතනය ජතික ප්‍රවාහන අවශ්‍යතාවය හදුනාගෙන එයට ප්‍රමුඛත්වය ලබා දෙමින්, ප්‍රාෙද්ශීය දිස්ත්‍රික්ක සහ ජාතික වශයෙන් දිවයින පුරා පිහිටි ඩිපෝ 120ක් මගින් විශ්වාසනීය ප්‍රවාහන සේවයක් මගී ජනතාවට සපයන්නා වූ ප්‍රම්ඛ පෙලේ රාජ්‍ය ආයතනයකි.

දැක්ම
කළාපයේ විශිෂ්ඨතම මගී ප්‍රවාහකයා.


මෙහෙවර
මහජනතාවට ආරක්ෂිත, විශ්වාසදායී, සුව පහසු මාර්ගස්ථ මගී ප්‍රවාහන සේවයක් සාධාරණ ගාස්තු යටතේ සේවයට කැපවූ ඵලදායී කාර්ය මණ්ඩලයක් මගින්, ජනතාවට ආයතනයේ සියලුම සම්පත් උපරිම ප්‍රයෝජනයට ගනිමින් ආර්ථිකමය වශයෙන් තුලනාත්මක වශයෙන් පවත්වාගෙන යාම.




ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ විකාශය


1958 .01.01  - ලංකා ගමනාගමන මණ්ඩලය.

1978            - මධ්‍යම ගමනාගමන මණ්ඩලය යටතේ ගමනාගමන මණ්ඩලය.

1990/1991    - ජනතා සන්තක ප්‍රවාහන සේවය.

1997.11.29   - රාජ්‍ය බස් සමාගම්

2005.09.28   - ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය.




අපගෙන් ඔබට ලැබෙන විශේෂ සේවාවන්

01. සිසු සැරිය - සාමාන්‍ය පාසල් සේවා
02. ගැමි සැරිය - ග්‍රාමීය ප්‍රදේශ සදහා
03. නිසි සැරිය - රත්‍රී සේවා
04. විශේෂිත වූ කාර්යාල බස් සේවා
05. දුම්රියෙන් බස්රියට සේවය
06. විශේෂ උත්සව සේවා සහ විශේෂ චාරිකා
07. සුඛෝපබෝගී බස් රථ සේවා
08. කාන්තාවන් සදහා වෙන්වූ බස් රථ සේවා




අපගෙන් ඔබට ලැබෙන අමතර සේවා

01.සංචාරක නිවාස
 
    i. නුවරඑළිය (ප්‍රධාන)                                         ii. නුවරඑළිය (කුඩා)
       උඩමුල්ල පාරේ                                                 උඩමුල්ල පාරේ
       අශෝකාරාම පන්සල අසල                                  අශෝකාරාම පන්සල අසල

   iii. කතරගම                                                      iv. අනුරාධපුරය
       ශ්‍රී ලංගම ඩිපෝව අසල                                        නව නගරය
                                                                              ලංකා බැංකුව අසල

   v. මාතලේ
       කළුදෑවල රත්තොට පාරේ 
       ශ්‍රී ලංගම ඩවැඩපල


02. විශ්‍රාම ශාලා

     i. අනුරාධපුරය                                        ii. කතරගම
        දහයියාගම                                             බස්ගාල අසල
        පුබුදු පාරේ පිහිටා ඇත
 

03. විශේෂ කුලී ගමන් සේ වා සදහා බස් රථ

  • සාමාන්‍ය බස් රථ
  • අර්ධ සුඛෝපබෝගී බස් රථ
  • වායු සමනය කල බස් රථ
  • දෙමහල් බස් රථ 


04. වාර ප්‍රවේශ පත්‍ර

  • පාසල් සිසුන්ගෙන් අය කරනු ලබන්නේ ගමන් ගාස්තුවෙන් 10%  කි.
  • විශ්ව විද්‍යාල සිසුන්ගෙන් අය කරනු ලබන්නේ ගමන් ගාස්තුවෙන් 30 % කි.
  • අනෙකුත් මගීන්ගෙන් අය කරනු ලබන්නේ ගමන් ගාස්තුවෙන් 65 % කි.



05. ආසන වෙන් කිරීමේ සේවාව.
  • දුරසේවා බස් රථ වල ගමන් කිරීමේදී කලින් ආසනයක් වෙන් කර ගැනීමේ හැකියාව.


06. බස් රථ වල වෙළද දැන්වීම් ප්‍රදර්ශණය

විමසීම් 077 105 83 85


07. වාහන යෝග්‍යතා සහතික නිකුත් කිරීම.


08. රියදුරු පුහුණු පාසල්.

දිවයින පුරා පිහිටි රියදුරු පුහුණු පාසල් 


    1. උඩහමුල්ල --------------------------------- 011 2 835 057
    2. මොරටුව ----------------------------------- 011 2 607 045
    3. නුගේගොඩ  -------------------------------- 011 2 852 054
    4. කළුතර  ------------------------------------ 034 2 222 409
    5. පොතුහැර  --------------------------------- 037 2 237 835
    6. වැලිසර   ----------------------------------- 011 2 959 484
    7. මාතර   ------------------------------------- 041 2 222 281
    8. තංගල්ල   ---------------------------------- 047 2 240 282
    9. බදුල්ල    ------------------------------------055 2 222 281
    10. මොණරාගල   ----------------------------- 055 2 276 182
    11. බණ්ඩාරවෙල    ---------------------------- 057 2 222 281
    12. කෑගල්ල    ---------------------------------- 035 2 222 271
    13. අවිස්සාවේල්ල ------------------------------ 036 2 222 281
    14. කොණ්ඩාවිල්   ----------------------------- 021 2 222 877
    15. කල්මුණේ   --------------------------------- 067 2 229 281
    16. හැටන්   ------------------------------------- 051 2 222 293
    17. අනුරාධපුර    -------------------------------- 025 2 222 325
    18. කතරගම    ---------------------------------- 047 7 706 920
    19. මහ නුවර (දකුණ)    ------------------------ 081 7 707 020
    20. හගුරන්කෙත    ------------------------------081 7 707 440




මදක් සිතන්න

  • ඔබගෙන් නියමිත ගමන් ගාස්තුවට වඩා වැඩි මුදලක් අය කලේ ද ?

  • ඔබට විධිමත් ප්‍රවේශ පත්‍රයක් නොලැබුනේ ද ?

  • කොන්දොස්තර මහතාගෙන් හා රියදුරු මහතාගෙන් විනීත ආචාරශිලී සේවයක් නොලැබුනේ ද ?

  • එසේත් නොමැති නම් අපගේ සේවාවේ ඇති යම් දුර්වලතාවයක්, අඩුපාඩුවක් හෝ අපගේ සේවාව පිළිබද ඇගයීමක් ද ?


ඔබගේ පැමිණිලි සම්බන්ධයෙන් නිරන්තරයෙන් කටයුතු කිරීමට අප සූදානම්

ඔබ පැමිණිලි ඉදිරිපත් කිරීමේදී..................................


  • බස් රථයේ අංකය.
  • මාර්ග අංකය.
  • බස් රථය අයත් ඩිපෝව.
  • ගමනාරම්භය හා ගමනාන්තය.
  • අදාළ සිද්ධිය වූ දිනය හා වේලාව.
  • අදාල බස් රථයේ ප්‍රෙව්ශ පත්‍රය
                                    අප වෙත ලබා දිමට අමතක නොකරන්න.


අමතන්න..............    011 7 555 555

                               මහජන පැමිණිලි අංශය,
                               ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය,
ලියන්න...............     නො 200,
                               කිරුල පාර,
                               නාරාහේන්පිට.










No comments:

Post a Comment