Tuesday, July 23, 2013

The Leyland Tiger Cub

CLICK ON THE IMAGE FOR FULL SIZE
 
The Leyland Tiger Cub (coded as PSUC1) was lightweight underfloor-engined chassis built by Leyland Motor between 1951 & 1970. Most as 44-45 set buses, with a smaller number as coaches. This bus body built by lacally. In 1958 few buses received to C.T.B through private bus companies. End of the 1958 imported another 60 units Leyland Tiger Cub buses in C.T.B fleet. This picture was taken infront of Colombo Townhall. 22 ශ්‍රී 2547 bus was running route number 125 Ingiriya-Colombo. Bus was attached Homagama Depot.
Copy rights @ Bus worldwide magazine.
Technical Data - Former Director Technical SL.T.B Mr. W.Senevirathna (Member of Ceylon Bus Circle).
LEYLAND TIGER CUB වර්ගයට අයත් 22 ශ්‍රී 2547 මෙම බස් රථය ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත බොඩියක් සහිත බස් රථයකි. 1958 වසර වන විට මෙම TIGER CUB බස් රථ පුද්ගලික බස් සමාගම් හරහා බස් රථ ලං.ග.ම රථ ඇණියට එක්වී තිබූ අතර 1958 වසර අවසානය වන විට තවත් LEYLAND TIGER CUB බස් රථ 60ක් ඇණවුම් කර තිබූ බව ලං.ග.ම වාර්ථා සදහන් කරයි. මෙම ඡායාරූපය කොළඹ පුරහල අසලදී ගත් ඡායාරූපයක් වන අතර මෙය 125 ඉංගිරිය-කොළඹ අතර ධාවනය වූ හෝමාගම ඩිපෝවට අයත් බස් රථයකි. මෙම බස් රථයේ ඇති විශේෂත්වය වන්නේ එන්ජිම ඉදිරිපස රෝද වලට පසුපසින්, තට්ටුවට යටින් පිහිටා ඇති නිසා අනෙක් බස් රථ වල මෙන් බොනට්ටුවක් නැත. එනිසා අනෙක් බස් රථ වල මෙන් ඇතුල් පැත්තෙන් එන්ජිම දිස් නොවේ.එන්ජිමේ අළුත්වැඩියාවන් සදහා බස් රථයේ දෙපස විවර කිරීමට දොරවල් සකසා ඇත. බස් රථයේ ඉදිරිපස ඇති කවුළුවෙන් එන්ජිම සිසිල් කිරීමට අවශ්‍ය සුළං ලබාදේ.
උපුටා ගැනීම - Bus World wide ග්‍රන්ථයෙනි.
තාක්ෂණික තොරතුරු සැපයීම - ඩබ්ලිව්.සෙනෙවිරත්න මහතා (ශ්‍රීලං.ග.ම හිටපු විධායක ඉංජිනේරු/ ලංකා බස් කවයේ සාමාජික )
22 ශ්‍රී 2547 LEYLAND TIGER CUB இனத்தைச் சேர்ந்த  இந்த பஸ்ஸின் Body இலங்கையில் தயாரிக்கப்பட்டது. 1958 ஆம் ஆண்டில் LEYLAND TIGER CUB பஸ்கள் சிலவற்றை இலங்கை போக்குவரத்து சபை தனியார் நிறுவனங்களின் ஊடாக பெற்றுக்கொண்டதுடன் 1958 ஆம் ஆண்டின் இறுதியில் 60  LEYLAND TIGER CUB பஸ்களை இலங்கை போக்குவரத்து சபை இறக்குமதி செய்தது. இந்தப்  படம்  கொழும்பு புரகலவையடுத்து எடுக்கப்பட்ட படமாகும். இந்த பஸ் 125 இங்கிரிய - கொழும்பு சேவையில் ஈடுபடுத்தப்பட்ட ஹோமாகம டிப்போவுக்குச் சொந்தமான பஸ்சாகும். 
Copy rights @ Bus worldwide magazine.
Technical Data - Former Director Technical SL.T.B Mr. W.Senevirathna (Member of Ceylon Bus Circle)
-CEYLON BUS CIRCLE-